මේ වන විට ලෝකයේ වඩාත්ම කුතුහලයෙන් කතා වන අනාගත තාක්ෂණ විපර්යාසය වන්නේ Nano තාක්ෂණයයි.මෙම තාක්ෂණයෙන් කල හැකි දේ පිළිබද නොයෙකුත් කතා ඔබ අසා ඇති බව නොඅනුමානයි.එහෙත් මෙම තාක්ෂණය තුලින් කල හැකි දේ පිළිබද නිවැරදි අවබෝධයක් මේ පිළිබද පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයන්ට පවා මෙතෙක් ලබා ගත නොහැකි වී ඇත.එහෙත් මෙම තාක්ෂණය පිළිබද යම් ආකාරයේ වැටහීමක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.
වසර 2015 වන විට ශ්‍රී ලංකාව ආසියාවේ නැනෝ තාක්ෂණයේ ප්‍රමුඛතම දේශය බවට පත් වීමේ අරමුණින් මෙරට මෙම තාක්ෂණය පිළිබද පරීක්ෂණ සිදු කිරීමේ මූලික ක්‍රියා මාර්ග ගෙන ඇත.දැනට පිහිටුවා ඇති Sri Lanka Institute of Nanotechnology(SLINTEC) ආයතනය මගින් මේ පිළිබද පරීක්ෂණ පැවැත්වීම හා ඒවාට අදාල පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම පිළිබද කටයුතු කිරීමට නියමිතයි.ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විශාල පිරිසක් මේ වන විටත් මෙම ව්‍යාපෘතිය හා එක්වී ඇත.තවත් වසර තුනක් ගත වන විට ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණය පිළිබද විශාල ආයතනයක් හෝමාගම ප්‍රදේශයේ බිහි කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.මෙය ලොව ප්‍රථම නැනෝ තාක්ෂණ උද්‍යානය වන අතර මේ සදහා ඇ.ඩො.මිලියන 10 ක ආයෝජනයක් සිදු කරන අතර ඒ සදහා පුද්ගලික අංශයේ ද ආයෝජන ලබා ගැනීමට නියමිතයි.මීට අමතරව පාසල් විෂය මාලාවට මෙම තාක්ෂණය අන්තර්ගත කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇත.අප කලාපයේ අනෙකුත් රටවල් හා සසදන විට තොරතුරු තාක්ෂණය අතින් අප රට ඉතා පහල මට්ටමක සිටී.මීට හේතුව වන්නේ අප තොරතුරු තාක්ෂණය නැමති බස් රථය තුලට නිවැරදි කාලයේ නැග ගැනීමට නොමැති වීමයි.නමුත් නැනෝ තාක්ෂණය තවම අප අසල පවතී.එය තුලට හැකි ඉක්මනින් ගොඩවී රටේ ඉදිරි අනාගත සංවර්ධනයට උර දීම වහා කල යුතුය.මේ අනුව බලන කල ඉදිරියේ වන තාක්ෂණ විප්ලවය සදහා අප රට මනා සූදානමක් ඇති බව පැහැදිලි වේ.
No comments:
Post a Comment